හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාධ්‍ය කැමරා ශිල්පී කණ්ඩායමක් අමතමින් ජනපතිවරයා ඇතුළු ආණ්ඩුව දැඩි විවේචනයකට ලක්කර තිබේ. ඔහු පවසන්නේ ජනපතිවරයා ජනතාවගේ පැත්ත නොසිතන බවයි.ඔහු මෙසේ කියයි.
ආණ්ඩුව කියනවනේ සල්ලි තියෙනවා, සල්ලි උතුරන්න තියෙනවා කියලා.
සල්ලි උතුරන්න තියෙනවා නම් ඒවා බම්බු ගහන්නද තියාගෙන ඉන්නේ?
නැතුව මේවා පෙට්ටගමේ හංගගෙන තියාගෙන අර මළපෙරේත මිනිස්සු වගේ බලබල ඉඳලා වැඩක් නැහැ.
මැරුණාම අරගෙන යන්නේ නැහැ. මිනිස්සුන්ට මේ මහා විශාල බරක්, පීඩනයක් පැටවිලා තියෙන මේ වෙලාවේ, කුමන හෝ ආකාරයකින් ඒ බර අඩු කිරීම සඳහා මේ මුදල් යොදවන්න ඕනේ.
ඊයේ ජනාධිපතිම කියනවනේ තෙල් නැව් දෙකක් ආවේ නැහැ කියලා.
ඉතින් ඒක කියන්නද ජනාධිපති කෙනෙක් ඕනේ?
හරියට වැඩේ බලන්නකෝ, තෙල් නැව් දෙකක් එන්න කිව්වා, ඒගොල්ලෝ ආවේ නැහැනේ.
දැන් අපි රාජතාන්ත්‍රික සාකච්ඡා කර කර යනවලු. රාජතාන්ත්‍රික සාකච්ඡාවලින් වැඩේ කෙරෙනවද නැද්ද කියලා කිව්වද?
මේ වෙලාවේ මේ කරගෙන තියෙන විදේශ සම්බන්ධතාවල අගතිය සහ ඇමෙරිකානු විධානයට අනුව පමණක් නැටවී කටයුතු කිරීම නිසා, සියලු පාර්ශ්වයන් අසන්තෝෂයට පත් කරලා තියෙනවා.
මේ තත්ත්වය ඇතිවීමට කාරණා දෙකක් බලපාලා තියෙනවා.
එකක් බාහිර තත්ත්වය, අනෙක අභ්‍යන්තර තත්ත්වය.
අභ්‍යන්තර තත්ත්වය තමයි, නොරොච්චෝලෙට බාල ගල් අඟුරු ගෙනල්ලා නියමිත විදුලි ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න බැරි වෙච්ච නිසා, මේ රටේ පරිභෝජනයට ගෙන එන ඉන්ධනවලින් අතිරේකව විදුලිය උපදවන්න සිදුවීම. ඒ නිසා ඉන්ධනවලට අතිරේක පීඩනයක් ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම විදුලි නිෂ්පාදනය අවදානමකට ලක් වෙලා තියෙනවා. ඒක බාහිර සාධක මත ඇති වෙච්ච දෙයක් නෙවෙයි; අභ්‍යන්තර සාධක මත ඇති වෙච්ච දෙයක්.
ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග සහ බාල ගල් අඟුරු හොරකම නිසා ඇති වෙච්ච දෙයක්.
දෙවනුව බාහිර සාධකය තියෙනවා. අපි දන්නවා යම්කිසි යුදමය වාතාවරණයක් මැදපෙරදිග කේන්ද්‍ර කරගෙන ඇති වී තිබෙනවා.
මේකත් හැබැයි අනපේක්ෂිතව ඇති වෙච්ච තත්ත්වයක් නෙවෙයි.
මේ තත්ත්වය ඇතිවීමේ අවදානම කාලයක් තිස්සේ තිබුණා. විශේෂයෙන්ම යුද විශ්ලේෂකයෝ ජාත්‍යන්තර මට්ටමෙන් මේ පිළිබඳව පුරෝකථනය කළා, අනාවැකි පළ කළා. ඉතින් රටක රාජ්‍ය පාලනයේ වගකීම තමයි, ඒ ජාත්‍යන්තරව ඇතිවෙන වර්ධනයන්, වෙනස්කම්, සියුම් වෙනස්කම් පවා හොඳින් නිරීක්ෂණය කරමින් ඒවාට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් කාලයකට පෙර අවශ්‍ය පියවර ගැනීම.
දැන් ඒ කාරණා දෙකේදීම අපි මෙතැනදී සමත් වෙලා නැහැ.
අභ්‍යන්තර කාරණය තමයි ගල් අඟුරු හොරකමේ පීඩනය ඇවිල්ලා තියෙනවා. තෙල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුවීම නිසා, අපට පරිභෝජනය කරන්න තියෙන තෙල්වලින් විදුලිය නිපදවන්න ගියාම එතැනින් එනවා අතිරේක පීඩනයක් මේ රටේ විදුලි පාරිභෝගිකයාට සහ ඉන්ධන පාරිභෝගිකයාට. අනිත් පැත්තෙන් විදුලි පිරිවැය වැඩි වෙනවා. ඒ බිලත් අපට ගෙවන්න වෙනවා. ආණ්ඩුව ඒවට සහන දෙන්නේ නැහැ.
"සල්ලි තියෙනවා, සල්ලි තියෙනවා, සල්ලි තියෙනවා" කිව්වට සත පහක බදු බර අඩු කිරීමක්වත්, සහන සැපයීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ.
දැන් ඊයේ අපට ලැබුණු තොරතුරු අනුව ස්ටොක් මාර්කට් (Stock Market) එකෙන් සම්පූර්ණයෙන් තෙල් මිලදී අරන් තියෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 450ක් වගේ අධික පිරිවැයකට.
එතකොට දැන් මේ මුළු බර... දැන් ආණ්ඩුව කියනවනේ සල්ලි තියෙනවා, සල්ලි උතුරන්න තියෙනවා කියලා. සල්ලි උතුරන්න තියෙනවා නම් ඒවා බම්බු ගහන්නද තියාගෙන ඉන්නේ? මේ වෙලාවේ තමයි මිනිස්සුන්ට මේ මහා විශාල බරක්, පීඩනයක් පැටවිලා තියෙන්නේ. ඒ වෙලාවේ කුමන හෝ ආකාරයකින් ඒ බර අඩු කිරීම සඳහා මේ මුදල් යොදවන්න ඕනේ.
නැතුව මේවා පෙට්ටගමේ හංගගෙන තියාගෙන අර මළපෙරේත මිනිස්සු වගේ බලබල ඉඳලා වැඩක් නැහැ. මැරුණාම අරගෙන යන්නේ නැහැ.
ඒ නිසා මේ අවශ්‍යතාව තියෙන වෙලාවට සල්ලි තියෙනවා කියලා ආණ්ඩුවම කියනවා.
විජිත හේරත් අමාත්‍යවරයා දැනට දින කීපයකට කලින් මොකක්ද පාර්ලිමේන්තුවේ කිව්වේ? "හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදුවෙන දේවල් අපිට බලපාන්නේ නැහැ. අපි තෙල් ගේන්නේ මැලේසියාවෙන්, එහෙම නැත්නම් ඉන්දියාවෙන්. අපිට ඒක බලපාන්නේ නැහැ" කිව්වා.
දැන් අද කියනවා අනේ මේ ලෝකේ යුද තත්ත්වය අපිට බලපානවා කියලා.
කිසිම විචාරාත්මක, බුද්ධිමය කියවීමක් නැහැ.
ඔහේ දවස ගෙවනවා. ඔහේ දවස ගෙවන පාලනයකට, රටක් ස්මූත්ලි (smoothly) යනකොට දෙකයි පනහට බේරගෙන ඉන්න පුළුවන්.
හැබැයි මේ විදියේ සුළි කුණාටුවක් කැරකෙන වෙලාවට, මේ විදියේ අපරිණත, ඒ වගේම දුරදිග දැකීමක් නැති, පරිණතභාවයක් නැති, රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැති, විදේශ ප්‍රතිපත්තිය අනාගත්ත අයට මේවා කරන්න බැහැ.
දැන් බලන්න, මුලින්ම බ්‍රික්ස් (BRICS) සමුළුවට සහභාගි වෙන්න කියලා ජනාධිපති පුටින්ගේ අත්සනින් ලියුමක් ආවා. මේ ජනාධිපති ඒක ගණන් ගත්තේ නැහැ.
ෂැංහයි කෝපරේෂන් (Shanghai Cooperation) සමුළුවට එන්න කියලා ආරාධනාව ආවා. මේ ජනාධිපති ඒකත් ගණන් ගත්තේ නැහැ.
ඉරාන නැව් ටික අපි භාර ගන්නම් කියලා ඉන්දියාවට පොරොන්දු වෙලා, අන්තිමට ඇමෙරිකාවෙන් පීඩනය ආවාම ඉරාන නැව්වලට ගහලා යනකන් බලන් හිටියා. ඒකෙන් ඉන්දියාවත් අසන්තෝෂයට පත් වුණා. අපිත් අවදානමකට ලක් වුණා. ඉන්දියන් සාගරය, අපේ මුහුදු තීරය අපට මේවා වුණා. මේ වැරදි ජාත්‍යන්තර ප්‍රතිපත්තිය, ඒ වැරදි බරවීම, ඇමෙරිකානු ගැතිවීම නිසා, අද උදව්වට හැමදාම ඉන්න චීනය අසන්තෝෂයෙන්.
රුසියාව අසන්තෝෂයෙන්. දැන් ගිහිල්ලා ලිපේ බත් මුට්ටිය තියලා ගින්දර ඉල්ලුවට හම්බ වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා මෙතැන තියෙනවා මේ වරද්දා ගැනීම් රාශියක්. යුද්ධය, යුද්ධය කියලා එළියේ සාධකයට විතරක් ඇඟිල්ල දික් කරලා, තමන්ගේ රෙද්ද ගැලවිලා යන එක වහගන්න බැහැ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ, අවදානම දැක දැක අවදානමක් නැහැ කියා කියා, පුරසාරම් කතා කියා කියා, උද්ධච්චව ක්‍රියාත්මක වීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක පොදු ජනතාවට. අපි කියනවා ඒ නිසා මේ අසමත් ආණ්ඩුවට බැහැ මේ විදියේ අර්බුදකාරී වාතාවරණයක් මැද රටකට නායකත්වය දෙන්න, ජාතියකට නායකත්වය දෙන්න.
ඉදිරි සම්පාදනය සම්බන්ධව කියන්න.
ඔව්, ඉතින් මේගොල්ලොන්ට දැන් මෙතැනින් එහාට තේරෙන එකම දේ තමයි කප්පාදුව.
ඊයේ ජනාධිපතිම කියනවනේ තෙල් නැව් දෙකක් ආවේ නැහැ කියලා.
ඉතින් ඒක කියන්නද ජනාධිපති කෙනෙක් ඕනේ?
හරියට වැඩේ බලන්නකෝ, තෙල් නැව් දෙකක් එන්න කිව්වා, ඒගොල්ලෝ ආවේ නැහැනේ.
දැන් අපි රාජතාන්ත්‍රික සාකච්ඡා කර කර යනවලු. රාජතාන්ත්‍රික සාකච්ඡාවලින් වැඩේ කෙරෙනවද නැද්ද කියලා කිව්වද?
මේ වෙලාවේ මේ කරගෙන තියෙන විදේශ සම්බන්ධතාවල අගතිය සහ ඇමෙරිකාවට පමණක් බරවී, ඇමෙරිකානු විධානයට අනුව පමණක් නැටවී කටයුතු කිරීම නිසා, සියලු පාර්ශ්වයන් අසන්තෝෂයට පත් කරලා තියෙනවා. චීනය, ඉන්දියාවත් අසන්තෝෂයට පත් වෙලා තියෙනවා.
ඒ වගේම රුසියාව ඇතුළු අපට මිත්‍ර රටවල්, හැමවෙලේම අනතුරේදී, දුකේදී හිටපු මිනිස්සු අද අපෙන් ඈත් වෙලා තියෙනවා. ඒ නිසා අද මේ වගේ දුෂ්කර තත්ත්වයකදී ඇමෙරිකාවෙන් හම්බවෙන කෙංගෙඩියක් නැහැ. ඒගොල්ලොන්ගේ යුද උපායමාර්ගික උවමනාවට අනුව අපිට චොපර් දෙයි. ඒ චොපර් දෙන්නෙත් අනාගතයේ ඒගොල්ලොන්ගේ තිප්පොළ බවට මේක පත් කරගැනීමේ අරමුණින් මිසක්, අපට චොපර් පාවිච්චි කරලා ජොලියේ ඉන්න නෙවෙයි.
ඉතින් චොපර් දෙන වෙලාවක් නෙවෙයි මේක. චොපර් එකකට ගහන්න තෙල් නැති වෙලාවක්නේ. ඇමෙරිකාව ඒ වෙලාවේ චොපර් දීලා හරියනවාද?
ඉතින් අපිට දෙන්නේ ඒ වගේ අය. මේගොල්ලෝ බර වුණ ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තිය නිසා අපි ජාත්‍යන්තරවත් දැන් හුදෙකලා වෙලා තියෙන්නේ.
අනිත් එක තේරුම් ගන්න ඕනේ, මෙතැනින් එහාට ලෝකය ඇමෙරිකානු චණ්ඩියාගේ ලෝකේ නෙවෙයි. බහු කේන්ද්‍රීය බලයක් එක්ක ලෝකයක් එන්නේ. ඩොලරයේ ආධිපත්‍යය බිඳවැටෙන ලෝකයක් එන්නේ. යුවාන් එක සහ අනෙකුත් මුදල් ඒකක ශක්තිමත් වෙන ලෝකයක් එන්නේ. ඒවාවත් දුරදිග බලලා තේරුම් නොගෙන, එදාවේල ටුවර්ස් (tours) යන ආණ්ඩුවකට මේ වගේ දුෂ්කර තත්ත්වයක් කිසිසේත්ම කළමනාකරණය කරන්න බැහැ.
QR මේක පරණ එකක්.
දැන් QR එක වරද්දගෙන ඒකට හිටපු ආණ්ඩුවලට බනිනවා.
දෙයියනේ අලුතෙන් QR එකක් ගේන්න එපැයි. අපි කිව්වද පරණ QR එක අරන් එන්න කියලා?
දැන් පරණ ඒවා ඔක්කොම හරි නැහැ කියලානේ මුන්දලා ආවේ. මොකටද පරණ QR එක කරේ ගහගත්තේ?
දැන් ඒක කරේ ගහගෙන, ගෙනල්ලා පරණ QR එකෙන් ගොඩයන්න ඇවිල්ලා, දැන් කියනවා ඒක පරණයිලු. ඒක හරියට අප්ඩේට් (update) කරලා ගිහිල්ලා නැහැලු. මුන්දලට මේවා බාර දුන්නොත්, උන්ට පුළුවන්ද රටක් පාලනය කරන්න? මේ වගේ තත්ත්වයක් කළමනාකරණය කරන්න? මොන පිස්සුද!