The young man who collected money by showing a photograph of a disabled child had 'ice' in his pocket.

ice-in-the-pocket-of-the-young-man-who-collected-money-by-showing-a-photo-of-a-disabled-child

ආබාධිත දරුවකුගේ ඡායාරූපයක් පෙන්වමින් ව්‍යාජ ලෙස මුදල් එකතු කළ 23 හැවිරිදි තරුණයෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2300 ක් ද සමඟ පසුගිය 25 වනදා මහියංගණය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහියංගණය, දොඩම්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහුට එරෙහිව අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තු 10 ක් පවතින බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




සැකකරු මහියංගණය බස් නැවතුම්පොළේ නවතා ඇති බස් රථවලට ගොඩවෙමින්, අදාළ දරුවාගේ පින්තූර පෙන්වා ව්‍යාජ ටිකට්පත් අලෙවි කරමින් මුදල් එකතු කරන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

මෙම මුදල් එකතු කිරීම සඳහා මොහු භාවිත කර ඇත්තේ මහනුවර දිගන ප්‍රදේශයේ පදිංචි දරුවෙකුගේ ඡායාරූපයක් වන අතර, ආබාධිත තත්ත්වයේ පසු වූ එම දරුවා මේ වන විට සුවය ලබා සිටින බව විමර්ශනවලදී හෙළි වී තිබේ. පෙර කාලයකදී එම පිරිස මහියංගණයට පැමිණ බස් රථ තුළ මුදල් එකතු කළ අවස්ථාවක, ඔවුන්ට උපකාර කරන බව හඟවමින් සැකකරු විසින් මෙම ඡායාරූපය සහ ටිකට්පත් ලබාගෙන ඇති බව ද වැඩිදුරටත් අනාවරණය වේ.

ice-in-the-pocket-of-the-young-man-who-collected-money-by-showing-a-photo-of-a-disabled-child

Post a Comment

Previous Post Next Post