'Rathmalane Saima' caught in Malaysia reveals many secrets

rathmalane-saima-caught-in-malaysia-reveals-many-secrets

ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායමක් මැලේසියානු පොලිසිය හා එක්ව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ සයිමා’ ඇතුළු තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. විදේශගතව සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ සියලුම මූල්‍ය කටයුතු මෙන්ම ඔහුගේ සමාජ මාධ්‍ය මෙහෙයුම් සහ හඬපට අන්තර්ජාලයට මුදාහැරීමේ කටයුතු ද භාරව ක්‍රියා කර ඇත්තේ මෙම සයිමා නමැත්තා බව විමර්ශනවලදී හෙළි වී ඇත.




කංජිපානි ඉම්රාන්ගෙන් ලැබුණු උපදෙස් මත, පසුගිය වසරේදී මැලේසියාවට පැමිණි කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධකරුට එරට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ ද සයිමා විසින් බව පැවසෙයි. මීට වසර 10කට පමණ ඉහතදී මැලේසියාවට පලාගොස් ඇති මොහු, මුල් කාලයේදී දැනට ප්‍රංශයේ සැඟවී සිටින ‘කුඩු අංජු’ නමැත්තාගේ සමීපතමයකු ලෙස මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබේ. කෙසේ වෙතත්, කුඩු අංජු විසින් සයිමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට කංජිපානි ඉම්රාන් විසින් සයිමාට දැනුම් දීමෙන් පසුව, ඔහු කුඩු අංජුගෙන් වෙන්වී කංජිපානි ඉම්රාන් සමඟ සමීපව කටයුතු කිරීම ආරම්භ කර ඇත.

මේ අතර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මැලේසියාවට ගිය මෙරට පොලිස් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය වී තිබුණේ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමයි. එහෙත් සයිමාගෙන් තොරතුරු අනාවරණය කරගැනීමේදී හෙළි වී ඇත්තේ, කංජිපානි ඉම්රාන් මැලේසියාවේ රැඳී සිටි ස්ථානයෙන් මේ වන විට පලාගොස් ඇති බවයි. පලාගිය කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මැලේසියානු පොලිසියේ සහාය ඇතිව තවදුරටත් විශේෂ විමර්ශන ක්‍රියාත්මක කරයි.

rathmalane-saima-caught-in-malaysia-reveals-many-secrets

Post a Comment

Previous Post Next Post