One-and-a-half-year-old toddler run over by grandfather's cab dies

one-and-a-half-year-old-girl-dies-after-being-run-over-by-grandfathers-cab

කිලිනොච්චිය, උත්තිරපුරම්, ශිව නගර් ප්‍රදේශයේදී සීයා විසින් පණගන්වන ලද කැබ් රථයකට යටවීමෙන් වයස අවුරුදු එකහමාරක දැරියක් එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පෙරේදා (5) වාර්තා විය.




මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රූබන් අනාමිකා නමැති කුඩා දැරියයි. තම සීයා කැබ් රථය පණගන්වා ඉදිරියට ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී නිවස තුළ සිටි මෙම දැරිය කැබ් රථය දෙසට දිවවිත් ඇති අතර, එහිදී රථයට යටවීමෙන් මෙම ඛේදනීය අනතුර සිදුව තිබේ.

කිලිනොච්චිය පොලිස් වසමට අයත් ඌරුතිරපුරම්, සිවනගර ප්‍රදේශයේදී සෙනසුරාදා පෙරවරු 11 ට පමණ සිදු වූ මෙම සිද්ධියෙන් මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

one-and-a-half-year-old-girl-dies-after-being-run-over-by-grandfathers-cab

one-and-a-half-year-old-girl-dies-after-being-run-over-by-grandfathers-cab

Post a Comment

Previous Post Next Post