A mother and three children died in an e-scooter fire

mother-and-three-children-die-in-e-scooter-fire

පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ බූට්ල් (Bootle) ප්‍රදේශයේ නිවසක ඇති වූ ඛේදනීය ගින්නකින් මවක සහ ඇගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එම ගින්න විද්‍යුත් ස්කූටරයක (e-scooter) බැටරියක් මගින් හටගත් එකක් බව මේ වන විට තහවුරු කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි එලිෂා බ්‍රැබින් (Elisha Brabin) සහ ඇගේ දරුවන් වන 16 හැවිරිදි ලියෝ, 8 හැවිරිදි එලිස් සහ 7 හැවිරිදි පෘඩන්ස් ය.




පසුගිය අඟහරුවාදා අලුයම 3.45 ට පමණ හදිසි ඇමතුමකට අනුව මෙම නිවසට පැමිණි ගිනි නිවන භටයින් විසින් ඉහළ මාලයේ නිදන කාමරයක සිටියදී මෙම මව සහ දරුවන් සොයා ගනු ලැබූ අතර, ගින්නෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ තවත් පස්වන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. මර්සයිඩ් ගිනි හා ගලවාගැනීමේ සේවය (MFRS) සඳහන් කළේ මෙම මාරාන්තික ගින්නට හේතුව ලිතියම්-අයන බැටරියක් බවයි. අදාළ බැටරිය විද්‍යුත් ස්කූටරයකට අයත් එකක් බවට තහවුරු වී ඇති නමුත්, ගින්න හටගන්නා අවස්ථාවේදී එය ස්කූටරය තුළ සවි කර නොතිබූ බව බලධාරීන් පවසයි.

එය විදුලියට සම්බන්ධ කර ආරෝපණය වෙමින් (charging) පවතින අතරතුර මෙලෙස ගිනිගන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම ඛේදවාචකය හරහා ලිතියම්-අයන බැටරි භාවිතයේදී ඇතිවිය හැකි සැබෑ අවදානම මනාව පැහැදිලි වන බව මර්සයිඩ් ගිනි හා ගලවාගැනීමේ සේවයේ නිලධාරියෙකු වන කෙව් ජොන්සන් (Kev Johnson) ප්‍රකාශ කළේය. ඔහුගේ වාර්තාවලට අනුව, 2023 වසරේ අප්‍රේල් මස සිට අගෝස්තු දක්වා කාලය තුළ පමණක් මර්සයිඩ් ප්‍රදේශයෙන් ලිතියම්-අයන බැටරි ආශ්‍රිතව හටගත් ගිනිගැනීම් 150 ක් සහ මරණ පහක් වාර්තා වී තිබේ.

mother-and-three-children-die-in-e-scooter-fire

mother-and-three-children-die-in-e-scooter-fire



mother-and-three-children-die-in-e-scooter-fire

mother-and-three-children-die-in-e-scooter-fire

Post a Comment

Previous Post Next Post