වැරදි කරුවන්ට අපේ ඉඩක් නැහැ - චරිත්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් කරනවා

we-have-no-room-for-wrongdoers---immediate-disciplinary-action-against-charit

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් සිය පක්ෂය මඟින් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.




විපක්ෂ නායකවරයා මේ බව අනාවරණය කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අද (25) පාර්ලිමේන්තු සභා වාරයේදී යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අදාළ චෝදනාවට ලක්වූ පුද්ගලයා සම්බන්ධයෙන් කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වා ගත හැකි උපරිම සහ දැඩිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. එමෙන්ම තම දේශපාලන පක්ෂය තුළ කිසිදු අවස්ථාවක වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට රැකවරණය දීමට හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු ඉඩකඩක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සභාවේදී ප්‍රකාශ කර සිටියේය.

Post a Comment

Previous Post Next Post