Traffic OIC's wife and children in an 'Alakamanda Hotel' type raid

traffic-oics-wife-and-children-in-a-love-hotel-type-raid

අධිකරණයේ විභාග වන නඩුවකට සාක්ෂි ලබාදීමට යන බව පවසා නිවසින් පිටත්ව ගිය පොලිස් නිලධාරියෙකුට සිය බිරියට පැවසූ බොරුව දුරදිග ගියේ කිසිසේත්ම නොසිතූ අයුරිනි. තෙල්දෙණිය කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරන මෙම උපපොලිස් පරීක්ෂකවරයා, අධිකරණයට යනවා වෙනුවට සිය අනියම් සම්බන්ධතාවක් පවත්වන බව කියන කාන්තාවක සමඟ මහනුවර, වත්තේගම ප්‍රදේශයේ හෝටල් කාමරයක ලැගුම්ගෙන සිටියදී සිය නීත්‍යනුකූල බිරියට සහ දරුවන් දෙදෙනාට මාට්ටු වීමේ පුවතක් පසුගිය 06 වැනිදා වාර්තා විය.




සැමියාගේ මෙම රහසිගත ගමන පිළිබඳව තොරතුරු දැනගත් බිරිය, තම දරුවන් දෙදෙනාද කැටුව වත්තේගම පිහිටි අදාළ හෝටලය සොයාගෙන ගොස් ඇත. ඔවුන් එකවරම හෝටල් කාමරයට කඩා වදින අවස්ථාවේදී එහි සිටි උපපොලිස් පරීක්ෂකවරයා සමඟ සිටි කාන්තාව, කාමරයේ ජනේලයකින් පැන පලාගොස් ඇති බව වත්තේගම පොලීසිය සඳහන් කරයි.

අදාළ කාන්තාව එලෙස පලාගියද, සිය සැමියා කාමරය තුළ කොටුවීම හේතුවෙන් බිරිය සහ දරු දෙදෙනා එක්ව උපපොලිස් පරීක්ෂකවරයාට පහරදීමට උත්සාහ කර තිබේ. මේ හේතුවෙන් නිලධාරියා සහ පවුලේ අය අතර ඇතිවූ ගැටුම මත හෝටල් පරිශ්‍රය තුළ දැඩි කලබගෑනියක්ද හටගෙන ඇතැයි පැවසේ.




මෙම සිද්ධියෙන් අනතුරුව, සිය සැමියා වන උපපොලිස් පරීක්ෂකවරයාට එරෙහිව බිරිය විසින් වත්තේගම පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ පැමිණිල්ලට අනුව වත්තේගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතියි.

Post a Comment

Previous Post Next Post