ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) වරෙන්තු නිකුත් කළේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳට එරෙහිව විභාග වන නඩු කටයුත්තකදී අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ ඇපකරුවන් ලෙස පෙනී සිට තිබේ. අදාළ නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඊට පෙනී සිටීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
කපිල චන්ද්‍රසේන මියගියේ අරවින්ද සිල්වාගේ නිවසේදී ඔහු සිටියදී වන අතර සීසීටීවී ඇතුළු සාක්ෂිද අතරුදන්ව එය තවමත් අභිරහසක්ව පවතී.
මේ අතර, අරවින්ද ද සිල්වා මහතාගේ මෑණියන් වන රාණි ද සිල්වා මහත්මිය පසුගිය 14 වනදා අභාවප්‍රාප්ත වූ අතර, ඇයගේ අවසන් කටයුතු සහ ආදාහන පූජෝත්සවය අද දින සිදුකිරීමට නියමිතව තිබිණි. ඔහුට අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වී ඇත්තේ එම අවමංගල්‍ය කටයුතු හේතුවෙන් බව සඳහන් වේ.අරවින්ද ද සිල්වාගේ ක්‍රීඩා දිවියේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද දැඩි බලපෑමක් ඇති කළ ඔහුගේ මව ඔහු තරුණ ක්‍රීඩකයකු ලෙස ආරම්භ කළ ගමනේ සිට ලෝක මට්ටමේ ඉහළම තරු අතරට පැමිණෙන තෙක් නොසැලෙන සහයෝගයක් ලබාදුන් ප්‍රධාන ශක්තියක් වී ඇත.