Dambulla's "Diya Janani" 5 MW floating solar power plant to the national power grid

dambullas-diya-janani-5-mw-floating-solar-power-plant-to-be-connected-to-the-national-grid

දඹුල්ල, ඉබ්බන්කටුව වැවෙහි ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවෙන් යුතු “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රජයේ පුනර්ජනනීය බලශක්ති ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සමරු ඵලකය නිරාවරණය කරමින් බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කළ අතර, අනතුරුව එහි පාලක මැදිරිය වෙත පැමිණ ක්‍රියාකාරීත්වය ද නිරීක්ෂණය කළේය.

අක්කර 10.5ක ජල තලයක් පුරා ව්‍යාප්තව පවතින මෙම පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මගින් වසරකට නිවාස 7,500කට පමණ අවශ්‍ය විදුලි බලය සැපයීමට නියමිතය. මෙමගින් වාර්ෂිකව පරිසරයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,400කින් පමණ අවම කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම, තාප විදුලි උත්පාදනය සඳහා වැයවන ඩීසල් ලීටර් මිලියන 2.5ක් වසරකට ඉතිරි කර දෙන අතර, ඒ හරහා රටට අහිමි වන ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක විදේශ විනිමය ප්‍රමාණයක් සුරක්ෂිත කර ගැනීමට ද මෙමගින් මගපෑදෙයි.

දිය ජනනි පුද්ගලික සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගේ පූර්ණ දායකත්වය ලබාගෙන තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි. මීට අමතරව, බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු වූ කාලසීමාව තුළ ප්‍රදේශවාසීන් 150 දෙනෙකුට පමණ කෙළින්ම රැකියා අවස්ථා උදාකර දීමට ද පියවර ගෙන තිබිණි.

විදුලි බලාගාරය විවෘත කිරීමට සමගාමීව ප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක විය. ඒ අනුව, ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ධර්ම ශාලා ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් අටලක්ෂයක මුදලක් සහ ජෙනරේටර් යන්ත්‍රයක් පිරිනැමුණු අතර, ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ මඩ පොකුණු තැනීමට හා ධීවර ආම්පන්න ලබාගැනීමට රුපියල් ලක්ෂ 20ක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරිණි. තවද, 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ හරිත උද්‍යානයක් තැනීමට රුපියල් ලක්ෂ 10ක් ද, ආනකටාව ප්‍රාථමික විදුහලේ සියලුම සිසුන්ට වසරකට අවශ්‍ය පාසල් ද්‍රව්‍ය සඳහා රුපියල් අටලක්ෂයක් ද, වීර මොහාන් ජයමහ විද්‍යාලයේ සංවර්ධනය හා ජල ව්‍යාපෘතියක් උදෙසා රුපියල් ලක්ෂ හතරක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක් කිරීමේ අවස්ථාව සඳහා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සහභාගී වූහ. මීට අමතරව, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම්වල සභාපතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් මෙන්ම WindForce PLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

Previous Post Next Post