9 Makumbura drivers and conductors caught snorting drugs during a sudden inspection

9-drugged-makumbura-driver-conductors-caught-during-a-surprise-check

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බස් රථ රියැදුරන් හතරදෙනෙකු සහ කොන්දොස්තරවරුන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඊට අමතරව නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව සේවයේ නිරතව සිටි කොන්දොස්තරවරුන් තිදෙනෙකු ද පරීක්ෂණ අතරතුරදී හඳුනාගෙන ඇත.




ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සහ හෝමාගම මූලස්ථාන පොලිසිය එක්ව මෙම විශේෂ පරීක්ෂණ මෙහෙයුම සංවිධානය කර තිබිණි. මෙහිදී අධිවේගී මාර්ගවල සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය වන පෞද්ගලික මෙන්ම ලංගම බස් රථවල සේවයේ නියුතු රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 152 දෙනෙකු වෛද්‍ය පරීක්ෂාවන්ට ලක්කර ඇත.

අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ඇතුළු මෙම නවදෙනා මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට එහිදී තහවුරු වී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පැවතිණි.

Post a Comment

Previous Post Next Post