One member of the student group who secretly came to bathe at Galle Face died.

one-of-the-student-group-who-sneaked-home-to-take-a-golf-course-was-killed

කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ නිවැසියන්ට හොර රහසේ දිය නෑමට පැමිණි පාසල් සිසුන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රළ පහරකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව කොටුව පොලිසිය වාර්තා කරයි. අනතුරෙන් බේරාගත් අනෙක් සිසුන් සිව්දෙනා මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පවසයි.




මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත්තේ මාලිගාවත්ත සහ පංචිකාවත්ත යන ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 11, 12, 13 සහ 15 යන වයස් කාණ්ඩවල පසුවන පාසල් දරුවන් පිරිසකි. මොවුන් සිය නිවෙස්වලට නොදන්වා ඊයේ (10) සවස් කාලයේදී මෙලෙස ගාලු මුවදොර වෙරළට පැමිණ තිබේ.

සිසුන් පිරිස වෙරළේ දිය නාමින් සිටියදී එක් අයෙකු ප්‍රබල රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ඔහුව බේරා ගැනීමට අනෙක් පිරිස දැඩි උත්සාහයක නිරත වී ඇත. එහිදී මුළු පිරිසම අනතුරට ලක්ව ඇති අතර, එම අවස්ථාවේදී වෙරළේ සිටි ජීවිත ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී දැඩි පරිශ්‍රමයකින් පසුව දරුවන් පස් දෙනෙකු බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.




රෝහල්ගත කිරීමෙන් අනතුරුව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන දරුවා සහ මේ වන විටත් අතුරුදන්ව සිටින දරුවා එකම පවුලේ සහෝදරයන් බව පොලිසිය සඳහන් කරයි. අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා කොටුව පොලිසිය ඇතුළු කණ්ඩායම් පැය තුනකට අධික කාලයක් මෙහෙයුමක් දියත් කළද, මෙතෙක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

Post a Comment

Previous Post Next Post