පමුණුගම පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී මහා පරිමාණ 'අයිස්' මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැකකෙරෙන, වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු පසුගිය 06 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
ඊට අමතරව, අදාළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ඔහු විසින් උපයා ගන්නට ඇතැයි සැලකෙන රුපියල් නව ලක්ෂ හැත්තෑහතර දහසක (974,000) මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.ජාඇල, නිවන්දම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම 29 හැවිරිදි සැකකරු, දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් එහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 'දුලාන්' නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස ක්‍රියා කර ඇති බවට උසස් පොලිස් නිලධාරීන් විසින් කරුණු අනාවරණය කරගෙන තිබේ. ඩුබායි හි සැඟව සිටින එම ප්‍රධාන ජාවාරම්කරුට අයත් යැයි කියන බැංකු ගිණුම් දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, එම ගිණුම් ඔස්සේ දීර්ඝ කාලයක පටන් මූල්‍ය ගනුදෙනු සිදුකර ඇත්තේ ද අත්අඩංගුවට පත් වූ මෙම රූපලාවණ්‍ය ශිල්පියා විසින් බවට වැඩිදුරටත් තහවුරු වී ඇත.