රංගනයෙන් ඉවත්වූ පෝර්න් ස්ටාර් ඒෂියා කරේරා නීතීඥ වෘත්තියට පිවිසේ

porn-star-asia-carrera-who-retired-from-acting-enters-the-legal-profession

හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක වන ඒෂියා කරේරා (Asia Carrera) සිය ජීවිතයේ නව පරිච්ඡේදයක් අරඹමින් ටෙක්සාස් ප්‍රාන්තයේ නීතිඥවරියක ලෙස කටයුතු කිරීමට සූදානම් වන්නීය. මෑතකදී පැවති නීති විභාගය (bar exam) සාර්ථකව සමත් වීමෙන් අනතුරුව ඇය මේ බව තහවුරු කළාය.




සිය නීති ගමනේ මෙම සුවිශේෂී කඩඉම පිළිබඳව සිය රසිකයින් දැනුවත් කිරීම සඳහා ඇය මේ සතියේ සමාජ මාධ්‍ය භාවිතා කළාය. "මම නීති විභාගය සමත් වුණා! දැන් ඒෂියා නීතිඥවරියක්," යනුවෙන් ඇය තැබූ සටහනට දහස් ගණනකගේ මනාප (likes) හිමි වී තිබිණි. ජෙසිකා ස්ටයින්හවුසර් (Jessica Steinhauser) යන උපත් නාමයෙන් හැඳින්වෙන ඇය පසුගිය පෙබරවාරි මාසයේදී වේකෝ (Waco) නගරයේදී පැවති දින දෙකක් සහ පැය 12ක් පුරා දිවෙන මෙම විභාගයට මුහුණ දුන්නේ දෙවන වරටයි.

විශාල ශ්‍රවණාගාරයක සිටි තවත් නීති අපේක්ෂකයින් දහසක් පමණ වේගයෙන් පරිගණක යතුරුලියනය කරන ආකාරය දැකීම තරමක් තැතිගන්වනසුලු අත්දැකීමක් වූ බවත්, තමාට ජයග්‍රහණය කිරීමට ඇත්තේ ඔවුන්ව බව තමා තේරුම් ගත් බවත් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. කෙසේ වෙතත් එම අභියෝගයට තමා සාර්ථකව මුහුණ දුන් බව ඇය විශ්වාස කරයි. ඇයගේ පළමු උත්සාහයේදී ඇයට විභාගය සමත් වීම සඳහා අහිමි වී තිබුණේ ලකුණු දෙකක් පමණි. එහිදී සමත්වීම සඳහා ලකුණු 270ක් ලබාගත යුතු වුවද ඇයට ලබාගත හැකි වූයේ ලකුණු 268කි. එවර නීතිය පිළිබඳව තමාට පැවති දැනුම තරමක් අස්ථාවර මට්ටමක පැවති බවත්, පෙරහුරු පරීක්ෂණවලදී පවා ලබාගත්තේ සමත්වීමේ අවම ලකුණු බවත් ඇය පිළිගත්තාය.




එහෙත් මෙවර විභාගය සඳහා තමන් ඉතා හොඳින් සූදානම් වූ බවත්, දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ඊට මුහුණ දුන් බවත් කරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ බාර්බ්‍රි (Barbri) නීති පෙරහුරු පරීක්ෂණයේ අවසන් විභාගයේදී සෙසු අපේක්ෂකයින්ගෙන් 91% කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඇයට හැකි වී ඇත. ටෙක්සාස් ප්‍රාන්ත නීතිඥ සංගමය වෙත ඇතුළත් වූ පිරිස අතර ඇය ද සිටින බව TMZ වෙබ් අඩවිය විසින් ද මේ වන විට තහවුරු කර තිබේ.

එම වෙබ් අඩවියට අනුව, මුලින් ඇයට නීතිඥවරියක වීමේ සැබෑ වුවමනාවක් තිබී නැති අතර, ඇයට අවශ්‍ය වී ඇත්තේ තමාට එය කළ හැකි බව ඔප්පු කර පෙන්වීමට පමණි. අධ්‍යාපනවේදී ශාස්ත්‍රපති උපාධියක් ද හිමිකරගෙන ඇති ඒෂියා කරේරා, 156ක ඉහළ බුද්ධි ඵලයක් (IQ) සහිත පුද්ගලයින්ගෙන් සමන්විත මෙන්සා (Mensa) සංසදයේ ද සාමාජිකාවකි.

porn-star-asia-carrera-who-retired-from-acting-enters-the-legal-profession

porn-star-asia-carrera-who-retired-from-acting-enters-the-legal-profession

porn-star-asia-carrera-who-retired-from-acting-enters-the-legal-profession

porn-star-asia-carrera-who-retired-from-acting-enters-the-legal-profession

porn-star-asia-carrera-who-retired-from-acting-enters-the-legal-profession

Post a Comment

Previous Post Next Post