
අඹුසැමියන්ට ප්‍රීතිය ගෙන දෙන අතර දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරයි. ඔබේ ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වේ. කේන්ති සහගත ස්වභාවය වැඩි වන කාලයක් වෙයි. ඇස්වල පීඩාකාරී ස්වභාවය නිතර ඇති වේ. රෝහල් ආශ්‍රිතව සේවය කරන අයට ගුණදායක වෙයි. කරදර බාධා කෙසේ තිබුණත් මානසික තෘප්තිමත්භාවයෙන් යුතුව ප්‍රීතිමත්ව කටයුතු කළ හැකිය. ඉවසීමෙන් වාසය කළහොත් පවුලේ සියලු දෙනාට හා විශේෂයෙන් අඹුසැමියන්ට ප්‍රීතිය ගෙන දෙන, සමගියෙන් එකට එකතු වී සිටිය හැකි කාලයකි. රැකීරක්ෂා කටයුතු සහ වෙළෙඳාම්වලින් තරමක පාඩු, හානි සහ සිත් තැවුල් ඇති වේ.
ජය අංකය: 03
ජය දිනය: අඟහරුවාදා
ජය වර්ණය: රතු පැහැය
වෘෂභ ලග්නය
සමෘද්ධිය උදා වේ. ව්‍යාපාරවලින් බොහෝ ලැබීම් ඇති කරයි. රැකියාවේ සුබ පල ගෙන දේ. තිබුණා වූ කරදර සහ පීඩාකාරී ආර්ථික ස්වභාවයන් පහව ගොස් සමෘද්ධිය ගෙන දීම සිදු වේ. කරන සියලු කාර්යයන් සතුටින් කිරීමට හැකිය. පීඩා මධ්‍යයේ වුවද ආර්ථික සංවර්ධනයේ ඉහළ යෑමක් දැකගත හැකිය. ආර්ථිකමය ගැටලු මත නිවාස සෑදීම අතරමඟ නතර වී තිබුණේ නම්, එය නැවත සකසා ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදා වේ. උෂ්ණ රෝග, සෙම් රෝග ඇති වේ.
ජය අංකය: 06
ජය දිනය: සිකුරාදා
ජය වර්ණය: දම් පැහැය
මිථුන ලග්නය
උසස් නිලතල ලැබේ. රැකීරක්ෂා කරන ස්ථානවල තමාට වඩා උසස් නිලවල අයගෙන් කරදරකාරී ස්වභාවයන් තිබුණේ නම්, එකී ස්වභාවයන් පහව ගොස් ඔවුන්ගේ පැසසුමට ලක් වේ. රැකියා ආයතනයේ ගැටලුවලට මැදිහත් වීමක් නිසා පක්ෂපාතීත්වයෙන් සිටි අය වෙනස් වී, තම මිතුරන් සතුරන් වීමේ අවදානමක් ඇති වේ. අවබෝධයෙන් හා මනා සිහි බුද්ධියෙන් කටයුතු කිරීමට මතක තබා ගන්න. ගෙදරදොර අඹුදරුවන් සමඟ ප්‍රීතියෙන් ගත කළ හැකි කාලයකි. රටින් පිට විදේශ රැකියා බලාපොරොත්තු වූවන් රාශියකට රැකියා සිහින පල ගැන්වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. මුදල් ප්‍රවේශමෙන් භාවිත කළ යුතුයි.
ජය අංකය: 05
ජය දිනය: බදාදා
ජය වර්ණය: කොළ පැහැය
කටක ලග්නය
ආර්ථික දියුණුවක් ඇති වේ. විවාහ ගැටලු හෝ ව්‍යාපාර ගැටලු තිබුණේ නම් ඒවා තරමක් දුරට ලිහිල් වන ස්වභාවයක් දක්නට ලැබේ. බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් ආර්ථික සංවර්ධනයක් මෙන්ම සමාජ වගකීම් ඇසුරෙන් ජනප්‍රියතාවක් ද ඇති වේ. අධ්‍යාපනික කටයුතුවල නිරත වන්නේ නම් එහි සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකිය. ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් ගැටලුවලට විසඳුම් ලබා ගත හැකිය. මුදල් ණයට දීම් හෝ ණය ලබා ගැනීම්වලදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අන්‍යයන් සමඟ කටයුතු කරන අවස්ථාවලදී බොහෝ සෙයින් පරිස්සම් විය යුතුය. මුඛ රෝග සහ හිසේ ආබාධ මතු විය හැකි කාලයකි.
ජය අංකය: 08
ජය දිනය: බදාදා
ජය වර්ණය: කොළ පැහැය
සිංහ ලග්නය
මානසික ආතතියක් ඇති විය හැක. ජාතික, ආගමික හා සමාජමය කටයුතුවලට යොමු වන්නේ නම් මනා සුපරීක්ෂාකාරීව දුරදිග බලා එම කටයුතුවලට සහාය දැක්වීම කළ යුතුයි. විවිධ ප්‍රශ්න හා ගැටලු හේතුවෙන් මානසික ආතතිය වැනි තත්ත්වයන්ට පත්වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. තදබල ලෙස ප්‍රශ්න හා ගැටලුවලට මුහුණ දීමට සිදු වන බැවින් ආගමික කටයුතු සහ පින් දහම් කටයුතු වැඩිපුර කළ යුතුයි. වෙළෙඳ ව්‍යාපාර සාර්ථක වී ආර්ථිකය ගොඩනඟා ගැනීමට හැකි වේ. චිත්ත පීඩාවන් දුරු වේ. තම පවුල තුළ නිතර අසමඟිතා ඇති විය හැකිය. අඹුසැමියන් අතර මතභේද හටගනී. අස්ථි, ස්නායු, පාද සහ කොන්ද ආශ්‍රිත රෝග වැලඳීමේ ප්‍රවණතාවක් ඇති වේ.
ජය අංකය: 06
ජය දිනය: බ්‍රහස්පතින්දා
ජය වර්ණය: කහ පැහැය
කන්‍යා ලග්නය
නින්දා අපහාස, ප්‍රශ්න සහ ගැටලු ඇති ස්වභාවයක් පෙන්නුම් කළත්, ප්‍රශ්න නොමැති අයෙකු සේ සමාජය විසින් ඔබව හැඳින්වූවත්, ඔබගේ අභ්‍යන්තරයේ ප්‍රශ්න හා ගැටලු තිබේ. සමාජය විසින් ඔබ වෙත එල්ල කරන විවිධාකාර වූ පීඩාකාරී ප්‍රශ්න දෙස බුද්ධියෙන් විමසා බලා තම නිදහස ලබා ගැනීමට උත්සුක වන්න. යුග ජීවිතය හා හවුල් ව්‍යාපාරවල කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කරයි. ආගමික සහ සාමාජීය කටයුතුවලට මුල් තැන දෙයි. පොදු කටයුතුවලදී නින්දා අපහාස ඇති විය හැකිය. ආර්ථික තත්ත්වය යහපත් වුවත් වියදම් පාර්ශ්වය වැඩි වේ. එම නිසා ණය වීමේ අවදානමක් පවතී. රැකියාවේ උසස්වීම් හෝ මාරුවීම් ඇති විය හැකි කාලයක් වේ.
ජය අංකය: 05
ජය දිනය: සිකුරාදා
ජය වර්ණය: කොළ පැහැය
තුලා ලග්නය
සමාජයේ සැලකිලි ලැබේ. ආදරය, කරුණාව සහ දයානුකම්පිතභාවය තමාට මෙන්ම අන්‍යයන්ට ද වැඩිපුර ලබා ගැනීමටත් ලබා දීමටත් නිරන්තරයෙන් පෙලඹේ. ආර්ථික තත්ත්වයන් හොඳ මඟකට ගැනීමට නම්, ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුතුව අය-වැය සමබර කර ගැනීමට බුද්ධිය භාවිත කරන්න. තම සිතැඟි සහ අභිමතාර්ථ බිඳී යෑමෙන් සෘණාත්මක සිතුවිලි පහළ වීමට ඉඩ ප්‍රස්ථාව ඇත. සමාජමය වශයෙන් තමාට ඇති තත්ත්වය ඒ අයුරින්ම රඳා පවත්වා ගැනීමට කෝප වීම අත්හැරිය යුතුය. තනි තීරණ සහ තනි මතය නිසා තමන් විසින්ම කරදරයට පත් වන අවස්ථා ඇති විය හැකිය. ආර්ථික අපහසුතා හේතුවෙන් පීඩාකාරී තත්ත්වයන් මතු වේ.
ජය අංකය: 07
ජය දිනය: සිකුරාදා
ජය වර්ණය: රෝස පැහැය
වෘශ්චික ලග්නය
රැකියාවේ දියුණුවක් ඇති වේ. යානවාහන සහ ගේ-දොර සැකසීමේ කටයුතු අකර්මණ්‍ය වී තිබුණේ නම්, ඒවා නැවත සකසා ගැනීමට යහපත් කාලයක් උදා වේ. උත්සුකව කටයුතු කිරීම තුළින් ආර්ථිකය ශක්තිමත් කර ගනී. තම හැකියාවෙන් රැකියාවේ දියුණු තත්ත්වයක් උදා කර ගැනීමට මෙන්ම ප්‍රශංසනීය සමාජ පුද්ගලයෙකු බවට පත් වීමටද හැකි වෙයි. සෑම කාර්යයක්ම අර්ථවත්ව සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් වේ. ගෘහ ජීවිතය ආශ්‍රිතව වැඩිහිටි පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය හැකිය. නැණ නුවණ මෙහෙයවීම තුළින් හොඳ ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාව ඇත. උසස් අධ්‍යාපනයට ඉතා සුබ කාලයකි. රැකියාවෙන් පෙරට වඩා සහනයක් අත් වේ. සමේ රෝග, වාත වේදනා සහ ශ්වසනාබාධ ඇති වීමට ඉඩ ඇත.
ජය අංකය: 06
ජය දිනය: සිකුරාදා
ජය වර්ණය: දම් පැහැය
ධනු ලග්නය
රෝග පීඩා සහ චිත්ත අභ්‍යන්තරයෙන් ගැටලු මතු වේ. එමඟින් විවිධ ප්‍රශ්න හා ගැටලුවලට මුහුණ දීමට ඉඩ ප්‍රස්ථාව ඇති වේ. ඉතා කල්පනාකාරීව මනා සිහියකින් කටයුතු කිරීමට වගබලා ගත යුතුය. විවිධ රෝගාබාධවලින් පෙළෙන්නේ නම් ඒවා උත්සන්න වීමට ඉඩකඩ ඇත. සාමාජීය වශයෙන් පුද්ගල පරිභවයන්ට ලක් වීමට ඉඩ ඇත. එබැවින් සමාජ කටයුතුවලදී අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව හැසිරීම ඉතා වටී. ආගම දහමට මුල්තැන දී කටයුතු කිරීමෙන් චිත්ත පීඩාවන් අවම කර ගත හැක. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු කිරීමට පෙලඹේ. අලුතින් වාහනයක් හෝ නිවෙසක් මිල දී ගැනීමට සිතාමතා කටයුතු කරයි.
ජය අංකය: 09
ජය දිනය: බ්‍රහස්පතින්දා
ජය වර්ණය: කහ පැහැය
මකර ලග්නය
උද්‍යෝගිමත් බවක් පවතී. මෙකී කාලය තුළදී වාචික වාග් ප්‍රහාර දරුණු වීම නිසා කේන්තිය බහුල පුද්ගලයෙකු සේ හැසිරෙයි. එමඟින් සමාජයේ අපකීර්තියට සහ පරිභවයට ලක් වේ. ඉතා කල්පනාකාරීව කටයුතු කිරීමෙන් සහ උත්සාහය නිසාම ආර්ථික දියුණුව උදා වේ. රැකීරක්ෂා කටයුතු වෙනදාට වඩා උද්‍යෝගිමත් ලෙස ආරම්භ වේ. ශාරීරික වශයෙන් අඩු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි. සියලු කරුණු දෙස බලන විට මේ කාලය තුළදී තමාට ඉතා යහපත් කාලයක් උදා වනු ඇත. එමඟින් විවිධාකාර වූ ගැටලුවලට පිළිතුරු ලැබීම හරහා ජීවන සතුට උදා වේ. ලේ ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වීමේ අවදානමක් පවතී.
ජය අංකය: 08
ජය දිනය: සෙනසුරාදා
ජය වර්ණය: නිල් පැහැය
කුම්භ ලග්නය
ආර්ථික අපහසුතා ඇති විය හැක. ගෙදරදොර වෙනදාට වඩා සමගියක් ඇති වේ. තමාගේ ආකල්පවල ද දියුණුවක් ඇති කර ගනී. සිතෙහි ඇති බොහෝ ගැටලුවලට යම් හෝ සහනයක් ලබා ගැනීමට මෙම කාලය තරමක් උපකාරී වේ. ප්‍රශ්නවලට මැදි වීමට සිදු වන්නේ වචන නිවැරදිව භාවිත නොකිරීම නිසාවෙනි. එමෙන්ම ආර්ථිකයේ පසුබෑමක් ද එකී හේතුව නිසාම සිදු වේ. ආර්ථිකමය වශයෙන් මුදල් ලැබුණ ද, වියදම් පාර්ශ්වය වැඩි වීම නිසා ආර්ථික අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ. ඉතා කල්පනාකාරීව මුදල් ගනුදෙනු සිදු කළ යුතුයි.
ජය අංකය: 02
ජය දිනය: ඉරිදා
ජය වර්ණය: දම් පැහැය
මීන ලග්නය
නිහඬතාව වැදගත් වේ. කායික, මානසික සහ ආර්ථිකමය වශයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. වෘත්තීමය වශයෙන් තමන්ට නොගැළපෙන තැනැත්තන්ගෙන් ප්‍රශ්න, ගැටලු සහ එදිරිවාදිකම් මතු වේ. අන්‍යයන් සමඟ ගනුදෙනු කිරීමේදී වචන ඉතා කල්පනාකාරීව භාවිත කළ යුතුය. පිටස්තරයන් සමඟ සම්මුති සහ එකඟතාවන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී ද ඉතා කල්පනාකාරී විය යුතුයි. සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමෙන් ප්‍රශ්න හා ගැටලු අවම කර ගැනීමට මඟ උදා වෙයි. අභූත චෝදනාවලට පිළිතුරු දීමට වඩා ස්වකීය නිර්දෝෂීභාවය සහ නිහඬතාව එම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර වෙයි.
ජය අංකය: 03
ජය දිනය: සිකුරාදා
ජය වර්ණය: රන්වන් පැහැය
ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදිනී සංගීතා වික්‍රමසිංහ