ශ්‍රී ලංකා නීතිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙරට සංචාරයක නිරත වීමට නියමිත රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා, අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තු කාර්යාලයේදී එම හමුව පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සංචාරයට පෙර ශ්‍රී ලංකාවට පැමිණි පූර්ව ආරක්ෂක කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම අල්ලස් කොමිසමට ද නොයන ලෙස ගුට්සන් මහතාට උපදෙස් දී ඇත.
කෙසේ වෙතත්, රුසියානු නීතිපතිවරයා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවීමට ද නියමිතව තිබේ. නඩු පැවැරීමේ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතත්, එම හමුව පැවැත්වෙන ස්ථානය මෙතෙක් අනාවරණය වී නැත.
සංචාරයේ හමුවීම් ස්ථාන සම්බන්ධයෙන් මෙවැනි ආරක්ෂක සැලකිලි මතු වී ඇති පසුබිමක, ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා පෞද්ගලික ජෙට් යානයකින් මෙරටට පැමිණීමට නියමිත බව ද පැවැසේ.